Social Icons

Pages

Monday, 10 October 2016

විවිධ රසට බිබික්කම් සාදන ක්‍රම කිහිපයක්

අපේ අඩවිය තුලින් අවස්තා කිහිපයකදීම, අපේ ගම්වල ගැමියන් විසින් සාදන විවිධ කැම වර්ග ගැන ලියවුනා. අපි දන්නව කෑම වට්ටෝරු පිළිබදව ලියවෙන ලිපි බොහෝමයක් අන්තර්ජාලයෙන් සොයාගත හැකි බව. නමුත් අපගේ අඩවියෙ කැම පිළිබද ලිපි සටහන්වීමේදී වැඩි වශයෙන් ලිවීමට උත්සාහගනු ලබන්නේ ගම්වල ගැමියන් විසින් සාධනු ලබන කෑමවර්ග පිලිබදවයි.

මෙම ලිපියත් එවැනි විශේෂ කැවිලි වර්ගක් පිලිබදවයි. බිබික්කම් යන නමින් හදුන්වන මෙම කැවිලි වර්ගය සාදාගන්නා ක්‍රම කිහිපයක් ගැන අපි දැන් විමසා බලමු.

…අවශ්‍ය ද්‍රවය…

◘ හකුරු ග්‍රැරෑම් 750 ක්.

◘ පොල් ගෙඩි 2 ක්

◘ දෙහිපොතු තේ හැදි 2 ක්

◘ රට ඉදි ග්‍රෑරෑම් 200 ක්

◘ පාන් පිටි ග්‍රෑරෑම් 200 ක්

◘ කජු ග්‍රෑරෑම් 200 ක්

◘ බිත්තර 18 ක්

◘ එනසාල් ග්‍රෑරෑම් 200 ක්

…සාදන ක්‍රමය…

පොල්වතුර බාවිතාකොට හකුරු දිය කරගැනීම.

එයට ගා ගත පොල එක් කර හොදින් මිශ්‍ර කරගැනීම.

ඉන්පසු මෙම මිශ්‍රනයට බිත්තර හැර අනෙක් සියල්ල දමා හොදින් මිශ්‍ර කරගැනීම.

මෙය හොදින් නිවෙන්නට හැර නිවුනු පසු එයට බිත්තර එක් කරගැනීම.

ඉන්පසු එම මිශ්‍රනය  180C° උෂ්ණත්වයකින් පුලුස්සා ගැනීම(බේක් කරගැනීම)
……ඉන්පසු ආහාරයට ගතහැකිය.……

…අවශ්‍ය ද්‍රවය…

◘ පාන් පිටි 500g

◘ ලුණු තේ හැදි ½

◘ ඊස්ට් තේ හැදි 4

◘ සීනි තේ හැදි 2

◘ වතුර කෝප්ප 1

◘ ගා ගත් පොල් ගෙඩි 2

◘ පැණි කරගත් සීනි කෝප්ප 2

◘ සිහින්ව කපාගත් රට ඉදි 200g

◘ වියළි මිදි 50g

◘ කජු පියලි 50g

◘ කුඩු කරගත් කරදමුංගු තේ හැදි ½

◘ කුඩු කරත් කරාබුනැටි ½

…සාදන ක්‍රමය…

පාල් පිටි, ඊස්ට්, ලුණු, සීනි සහ වතුර හොදින් එකතු කර මෝලියක් සාදාගන්න. එය පැය 1ක් පමණ පිපෙන්න තබන්න. භාජනයක් ලිප තබා පැණි, පොල්, සුවද ද්රව්ය, රට ඉදි, කජු සහ මිදි එකතු කර සාදාගන්න. එම මිශ්රණයපිටි මෝලියට එකතු කර හොදින් කලවම් කරගන්න. එය තැටියකට දමා පාය 1 ක් පමණ පිපෙන්න හැර 160C° උෂ්ණත්වයකින් පැය 1 ½ ක් තබා පුළුස්සා ගන්න.

…අවශ්‍ය ද්‍රවය…
► පොල් පැණි බෝතල් 1/2
► සිහින්ව ගා ගත් පොල් කෝප්ප 3
► සූල්තානා ග්රෑම් 100
► රට ඉඳි ග්රෑම් 50
► කජූ ග්රෑම් 100
► පිටි ග්රෑම් 125
► මිශ්ර කුළු බඩූ තේ හැඳි 1/2
► වැනිලා තේ හැඳි 1

…සාදන ක්‍රමය…

පැණි උණූකරගෙන එයට පොල් දමා පොල් මලවාගෙන පැණි පොල් සාදාගන්න. පිටි යන්තම් බැදගන්න. සාදාගත් පැණි පොල්වලට පිටි දමන්න. කජූ, රට ඉඳි, සූල්තානා, වැනිලා, කුළුබඩූ එකට මිශ්රකර එය ද ඉහත මිශ්රණයට දමා හොඳින් කලවම් කරගන්න. තැටියක් ගෙන එයට පත්තර පිටූ 4 ක් දමා ඒ මත බටර් තැවරූ තෙල් කඩදාසියක්
දමාගන්න. උදුන රත්වෙන්නට තබන්න කේක් මිශ්රණය තැටියට දමා විනාඩි 45 ක්, පැයක් පමණ සෙල්සියස් අංශක 125 උෂ්ණත්වයේ රත් වූ උදුනේ දමා බේක් කරගන්න.


No comments:

Post a Comment

 

Sample text

""ලිපි බැලීමේදී එම පිටු ලේයරයකින් වැසී
ඇත්නම්,එම ලේයරයේ ඉහළින් මතුවන
රතු පාට කතිර ලකුණ මත කිලික් කර ලේයරය
ඉවත් කරගන්න""

Sample Text

Sample Text

 
Blogger Templates