Social Icons

Pages

Sunday, 7 August 2016

""එක සතියෙන් මහත මට්ටු කරන ක්‍රමය(දින් 7 කින් ශරීරයේ බර අඩු කරගන්න)""

ශරීරයේ බර,මහත වැඩිකම.එය අඩු
කරගන්නෙ කොහොමද කියන එක
ගොඩක් දෙනෙකුට තියන ප්රශ්නයක්.එ
නිසා ශරීරයේ.බර.අඩුකර ගන්න විශේස
ක්රමයක් ගැනයි.අද අපි කියන්නෙ.ව්යායා
ම කිරීම, ආහාර පාලනය කිරීම වගෙ
කැපකිරීම් මගින් ශරීරයෙ බර.අඩුකරගන්න
පුලුවන් උනත් ඒ සදහා දීර්ගකාලීන
කැපකිරීමක් කරන්න ඕනි කියල කවුරුත්
දන්නව. අද අපි කියන්නෙ කෙටිකාලීන
කැපජිරීමකින් සාර්ථක ප්රතිඵළ ලබාගන්න
පුලුවන් ක්රමයක් ගැනයි.

මෙම බර පාලනය කිරීමේ වැඩසටහන
සකස් කරගෙන තියෙන්නෙ ජෙනරල්
මෝටර්ස(General Motors)නම්
ඇමෙරිකානු රථවාහන නිපදවන
සමාගමක සේවක පිරිස විසින් 1985 දි .
මෙය Johns HopkinsResearch Center යන
පර්යේෂණ ආයතනය මගින් පරීක්ෂාවට ලක්
කර අනුමැතිය ලබා දී තිබෙනවා. මෙහි
ඇති සාර්ථකත්වය නිසා මෙය ලෝකය
පුරාම බොහෝ දෙනා අනුගමනය
කරනවා. භාවිතා කල අයගේ අත්දැකීම්
අනුව මේ මගින් සතියක් තුල බර කිලෝ
4.5ත් 7.5ත් අතර ප්රමාණයක්
අනිවාර්යයෙන් අඩු වෙනවා.

නොගැලපෙන ආහාර රටාවන්වලට අපි
හුරිවීම තමයි මහත එහෙම නැතනම් බර
වැඩිවීමට ප්රධාන හේතුවක්
වෙන්නෙ.මේ තත්වය මගහරවා
ගැනීමටනම් කරන්න තියෙන්නෙ ඉහත කියූ
නොගැලපෙන ආහාර රටාව සුදුසු
ගැලපෙන ආහාර රටාවක් බවට පත්
කරගැනීම. ඒකට ඉතින් අකමැත්තෙන්
අපහසුවෙන් වුනත් කැපකිරීමක් කරන්න
වෙනව.

මේ ක්රමය සදහා විශේෂ ව්යායාම,
ඖෂධ, මේදය අඩු කරන බීම වර්ග ඕනෙ
වෙන්නෙ නෑ.හැබැයි අවංක වෙන්න
ඕනෙ. වැඩේට කලින් බරමැන ගන්න.
ඉනේ වටප්රමාණය හරියට මැන ගන්න.
හොඳයි එහෙමනම් බලමු කොහොමද
කරන්නෙ කියල..
මුලින්ම කියන්න ඕනි මේ ක්රමයෙ
තියෙන්නෙ විශේශ ආහාර පාලන
විදියක්.පිලිවෙලින් පහත සදහන් විදියට
දිනෙන් දින එක් එක දිනයට සදහන් කර ඇති
අයුරින් ආහාර ගැනීම තමයි කරන්න
තියෙන්නෙ.සතියක් ඒ අදාල විදියට කෑම
පාලනය කරන්න ඔනී.එහෙනම් පටන්ගමු..

මේ සතිය තුල තමාගෙ පුරුදු ආහාර
රටාව සම්පූර්ණයෙන් අමතකකරන්න ඕනෙ.
කියල තියෙන කෑම වලට අමතරව එක
ටොපියක්, ප්ලේන්ටියක් අඩුම ගානෙ
රටකජු ඇටයක්වත් කන්න බෑ.සතියේ සෑම
දවසකම වතුර වීදුරු 10 බැගින් බොන්න
ඕනෙ. (ඊට වැඩි වුනත් කිසි වරදක් නෑ.
හැබැයි අඩු වෙන්න නම් බෑ)උදේට
දවල්ට හවසට කිරි, ප්ලේන්ටි පලතුරු යුෂ බීම
හෝ වෙන කිසිම බීමක් බැ,නියමිත දේවල්
වලට අමතරව.

1-පළවෙනි දවසෙ පළතුරු(කෙසෙල් ගැර)


මුලු දවසටම කන්න පුලුවන් පලතුරු විතරමයි
හැබැයි කෙසෙල් තහනම්. කොමඩු වැඩි
පුර කනවා නම් ගොඩක් හොඳයි. තමන්ට
කැමති තරමක් කන්න පුලුවන්. ප්රධාන
වේලවල් 3 අතරට වුනත් කන්න පුලුවන්.
සැලඩ් එකක් හදා ගත්තත් කමක් නෑ.
හැබෑ සීනි රස කාරක මුකුත් දාන්න බෑ.
අනිවාර්යයෙන් වතුරවීදුරු 10ක් බොන්න
ඕනෙ. වෙන කිසිම බීමක් බොන්න බෑ
අඩුම ගානෙ පලතුරු යුෂ එකක්වත්. මේ
ටිකඇරෙන්න වෙන කිසිම දෙයක් ඕනෙ
නෑ. ව්යායාම කලත් නොකලත් වරදක්
නෑ.

2- දෙවෙනි දවසෙ එළවළු( අල බතල.බිට් රූට් හැර )

මුලු දවසටම කන්න පුලුවන් එළවළු විතරමයි
හැබැයි අල,බතල , බීට් රූට් තහනම්.
හැබැයි ඔන්න ඕනෙම නම් උදේට එකම
එක ලොකු අලගෙඩියක් කෑමට එකතු කර
ගත්තට කමක් නෑ. එළවළු තම්බල හරි සුප්
එකක් හදල හරි ගත්තට වරදක් නෑ. කලින්
කිව්ව වගේ වතුර වීදුරු 10යි

3-තුන්වෙනි දවසෙ එළවළු සහ පළතුරු(කෙසෙල්,අල, බතල,බීට් හැර)

මේ දවසෙ පළතුරු එළවළු ඕනි තරම් කන්න
පුලුවන් හැබැයි කලින් කිවා වගේ
කෙසෙල් ,අල බතල බීට් හැර අනිත්
දේවල්..පෙර කවුව වගේ මේ දවසෙත්
වතුර වීදුරු දහය අනිවාරයයි.

4- හතරවෙනි දවසෙ කෙසෙල් සහ කිරි.

ිමේ දවසේ උදේට කිරි වීදුරුවයි කෙසෙල්
2යි (ඕනෑම කෙසෙල් වර්ගයක්) , දවල්ටත්
කිරි වීදුරුවයි කෙසෙල් 2යි, රෑටත් කිරි
වීදුරුවයි කෙසෙල් 2යි. කෑම වේලවල්
අතර ඕනැම නම් කෙසෙල් ගෙඩිය
ගානෙ කෑවට කමක් නෑ. එතකොට
දවසටම උපරිම කෙසෙල් ගෙඩි 8ක්
පුලුවන්. වතුර වීදුරු 10 අනිවාර්යයි.

5- පස්වෙනි දවසෙ මස් මාලු සෝයාමීට්.සමග තක්කාල

මේ දවසටම කන්න පුලුවන් මස් සහ මාළු
විතරයි. තෙල් අඩු කුකුල් මස් වැනි දෙයක්
වඩාත් සුදුසුයි කැමති මාලු වර්ගයක්
පුලුවන්. මස් මාලු නොකන අයට සෝයා
මීට් සුදුසුයි. තමන් කැමති විදිහකට සකසා
ගන්න පුලුවන්. හැබැයි අනිවාර්යයෙන්
දවස තුල තක්කාලි ගෙඩි 5ක් කෑමට ගත
යුතුමයි. වතුර වීදුරු 10ක් අනිවාර්යයි. මේ
වන විට ඔබේ සිරුරේ මේදය බිඳ වටී ඇත
ඒව ඉවත් වීමට නියමිත ප්රමාණයට වඩා
වතුර බොන්න පුලුවන් නම් හොඳයි.

6-හයවෙනි දවසෙ එළවළු සහ මස්.

මේ දවසෙ එළවළු සමග මස් කැමති
ආකරයකට(තෙල් බාවිතා නොකර)
ආහාරයට ගන්න පුලුවන්.වතුර විදුරු දහය
අනිවාරයය

7-හත්වෙනි දවසෙ රතු නිවුඩු බත් සමග එළවළු.සහ පළතුරු

වෙනදා කෑමට ගන්නා සාමාන්ය කෑම
වේලවල් 3ක් ගන්න පුලුවන්.හැබැයි ගන්න
පුලුවන් නිවුඩු හාල් බත්, එළවළු හා පලතුරු
පමණයි. වතුර වීදුරු 10 අනිවාර්යයි.



මේ සතිය තුල ව්යායාම නැතත් කමක්
නෑ .කරොත් වඩාත් ඉහල ප්රතිඵල
ලැබේවි.ඔන්න ඔච්චරයි කරන්න
තියෙන්නෙ.ඉහත පිලිවෙලට කිරීමෙන්
අඩුම වශයෙන් බර ප්රමානය 5kg වත් අඩු
වෙනව..මුලින් සදහන් කල පාලනය කරගත
නොහැකි නොගැලපෙනන ආහාර
රටාවෙන් පහසුවෙන්ම මිදෙන්න පුලුවන්
වෙනව. අනෙක දවසට වතුර වීදුරු 10ක්
බොන එක.කැමති අය මේ දින
හතේවැඩසටහන මාසෙකට දෙකකට
වරක් වත් කලාට වරදක් නෑ. හොදටම
තේරෙයි කොච්ච්ර ව්යායාම කලත්
නොසෙල්වී තිබුන තෙල් තට්ටු ටිකෙන්
ටික ඉවත් වෙන හැටි.



""Courtesy the Internet.""
-------------------------

No comments:

Post a Comment

 

Sample text

""ලිපි බැලීමේදී එම පිටු ලේයරයකින් වැසී
ඇත්නම්,එම ලේයරයේ ඉහළින් මතුවන
රතු පාට කතිර ලකුණ මත කිලික් කර ලේයරය
ඉවත් කරගන්න""

Sample Text

Sample Text

 
Blogger Templates