ලංකාවේ විවිධ පලාත්වලට ආවෙණික විවිධ වර්ගයේ රස කැවිලි තිබෙන බව කවුරුත් දන්නව.එවැනි කැවිලි වර්ගයක් ගැනයි මේ සටහන. එනම් නුවර පළාතට ආවේණික
රසකැවිලි වර්ගයක් ගැනයි. මෙම රසකැවිලි වර්ගය හැඳින්වෙන්නේ “උඩ බැලුම්” නමින්.එම නමේ විශේෂත්වය තමයි මෙය කන්නට
හැකිවෙන්නේ උඩ බලාගෙන වන අතර එසේ නොමැතිව කෑමට යාමේන් ඇගපුරා කුඩු හැලීමට ඉඩ ඇත..එසේ උවහොත් උඩබැලුම් කෑම කෙසේ වෙතත් උඩබැලුම් නෑමට තමයි වෙන්නෙ.
රසකැවිලි වර්ගයක් ගැනයි. මෙම රසකැවිලි වර්ගය හැඳින්වෙන්නේ “උඩ බැලුම්” නමින්.එම නමේ විශේෂත්වය තමයි මෙය කන්නට
හැකිවෙන්නේ උඩ බලාගෙන වන අතර එසේ නොමැතිව කෑමට යාමේන් ඇගපුරා කුඩු හැලීමට ඉඩ ඇත..එසේ උවහොත් උඩබැලුම් කෑම කෙසේ වෙතත් උඩබැලුම් නෑමට තමයි වෙන්නෙ.
බලමු මේ රසකැවිලි වර්ගය සාදන්නෙ කොහොමද කියල..මෙම කැවිලි වර්ගය සෑදීමේදී පිට ආවරණය වෙනමත් මැද පිරවුම වෙනමත් හදා ගතයුතු අතර. මුලින්ම පිට ආවරණය සාදාගන්නා ආකාරය බලමු.
පිටි ආවරණය සාදාගන්නා ආකාරය
…අවශ්‍ය ද්‍රවය…
- හාල් පිටි ග්රෑම් 250 ක්
- වතුර කෝප්ප 1. 1/2 ක්
- පොල්බෑයක පමණ පොල්
- බේකිං පවුඩර් තේ හැඳි 2 ක්
- පොල්තෙල් බෝතල් 1/2 ක්
…සාදාගන්නා ආකාරය…
පිටි මිශ්රණය අනා ගැනීමට පෙර හාල් පිටි සියුම් පෙනේරයක් හෝ තුනී රෙදි කැබැල්ලක් භාවිතයෙන් කිහිප වරක් හළාගන්න. පොල් ටික සියුම්ව ගා වතුර කෝප්ප 1 ,1/2 ක් එක්කර උකු මිටිකිරි කෝප්ප 1, 1/2 ක් මිරිකා ගන්න. පිටිවලට බේකිං පවුඩර් එක්කර නැවත වරක් හළාගන්න. මිරිකාගත් පොල්කිරි තුනී රෙදි කෑල්ලක් මඟින් පෙරා ගෙන හලාගත් බේකිං පවුඩර් හා පිටි මිශ්රණයට එක්කර රොටි පදමට අනා පැය 2 ක් පමණ පිපෙන්නට තබන්න.
පිටි පිපුණාට පසු පිටතට ගෙන තලන කුඩා ප්රමාණයේ බෝල සාදා එය කෙසෙල් කොළයක් මත තබා රවුමට තුනී කරන්න. ඉන්පසු රත්වූ ගැඹුරු තෙලේ හොඳින් තෙල් ඉසිමින් බදින්න. පපඩම් මෙන් හොඳින් පිම්බී බැදෙනු පසු තෙලින් ඉවතට ගෙන වට්ටියක් මතට දමන්න.
පිරවුම සදහා මිශ්‍රණය සාදාගන්නා ආකාරය
…අවශ්‍ය ද්‍රවය…
- බැදගත් හාල් පිටි ග්රෑම් 400 ක්
- බැද කුඩු කරගත් මුංඇට පිටි ග්රෑම් 400 ක්
- පැණි බෝතල් 1/2 ක්
- කිතුල් හකුරු හෝ සූකිරි කුඩු ග්රෑම් 400 ක්
- කරදමුංගු කුඩු ස්වල්පයක්
- ලුණු තේ හැඳි 1/2 ක්
…පිරවුම සාදාගන්නා ආකාරය…
මුලින්ම පැණි ටික බඳුනකට දමා ලුණු එක්කර ළිප තබා නූල් ඇදෙන ප්රමාණයට උණුකර ගන්න. සීනි උණුකර ගත්තත් සුදුසුය. ඉන්පසු මේ පැණි ටික බිමට බා තරමක් නිවෙන්නට හැර හාල් පිටි හා මුං ඇට පිටි එකතු කරන්න. මෙය හොඳින් මිශ්රකර එයට කුඩු කරගත් කිතුල් හකුරු හෝ කුඩු කරගත් සූකිරි, කරදමුංගු කුඩු එකතු කරන්න. මුලින් සාදාගත් පපඩම් වැනි පිට ආවරනය තුලට යොදාගන්නේ මෙම මිශ්‍රනය නිසා මේ මිශ්රණය කුඩු කුඩු මෙන් තිබිය යුතුය.
- …මුළින් සාදාගත් පපඩම් වැනි ආවරණය තුලට මිශ්‍රණය පුරවාගන්නා ආකාරය…
අපි මුලින් බැදගත් පපඩම් වැනි පිට කවරයේ පැත්තකින් තරමක සිදුරක් සාදා එම කවරය තුළට සාදාගත් හාල් කුඩු මිශ්රණය පුරවා ගන්න.( කාඩ්බෝඩ් කෑල්ලකින් ගොට්ටක් සාදා එහි පතුලේ සිදුරක් කපා මිශ්රණය ඒ හරහා කවරය තුළට පුරවාගතහැකිය) පුරවා ගත් උඩ බැලුම් ඇතුළත ඇති මිශ්රණය හැලෙන්නේ නැති ආකාරයට අසුරා තබාගන්න..
No comments:
Post a Comment