පළාකොස් නොහොත් පොළොස් අප කවුරුත් හොඳින් දන්නා ආහාරයකි. කොස් නමින්
ප්රකට මෙම ගෙඩියකින් කිහිප දෙනෙකුට දිනක ආහාර වේල පිරිමසා ගැනීමට උවද පෙරදින අපේ ගැමියන්ට හැකිව තිබේ. කිසිදු රසායනික බෙහෙත් පොහොරක් නොයොදා වැවියහැකි කොස් ස්වභාව ධර්මයා විසින් දායාද කළ ලංකාවේ සියලුම ප්රදේශවල
වගා කළහැකි ශාකයකි.

කොස්ගස මොරාසේ (Moraceae) ශාක කුලයට අයත් වන අතර. උද්භිද විද්යාව අනුව ආටෝකාපන් ඉන්ටෙක්රාපෙස් ෆොරස්
(Artocarpus integrdforst) සහ ආටෝකාස් හෙට පෝලස් (Atocarpus Hetero Phyclas) යන ද්වීතිය නාමයෙන් මෙය හඳුන්වයි. මෙය ප්රධාන ආහාරයක් මෙන්ම ඉදුණු පසු පළතුරක් ලෙසද ආහාරයට
ගනී. හෙරළි නොහොත් කොස් වසරකට වරක් හටගන්නා ගෙඩි විශේෂයකි. මෙය ඉදුණු පසු වැල, සහ වරකා යනුවෙන් දෙවර්ගයකින් හඳුන්වයි. කොස් බාවිතා කරමින් අපේ ගැමියන් විවිදාකාරයේ රසවත් ආහාර සාදනු ලබයි.මෙහි මදුලු තම්බා වියළා ගත් පසු අටුකොස් නමින් හඳුන්වයි.

මේ ලිපියද ලියවෙන්නේ අටුකොස් සාදාගන්නා ආකාරය හා එමගින් පහසුවෙන් කිරි අටු කොස් වයංජනයක් සාදාගන්නා ආකාරය පිළිබදවයි
අටුකොස් සාදාගන්නා ආකාරය
- හොදින් පැසුණු කොස් මදුළු තීරු කපාගන්න.
- කපාගත් කොස් මදුළු නටන උණුවතුරට ඒක් පෙරාගන්න
- තම්බා වතුර පෙරාගත් ගත් කොස් මදුළු ලොකු තැටියක අතුරා තද අව්වේ වේලා ගන්න(ගැමියන් මෙහිදී තැටියක් වෙනුවට පැදුරු ,වට්ටි ආදිය භාවිතා කරයි)
- ඉන්පසු වේලාගත් කොස් හුලන් නොවදින සේ භාජනයක අසුරා තබාගන්න.
කිරිඅටු කොස් වයංජනය සාදාගන්නා ආකාරය
අවශ්‍ය ද්‍රව්‍ය÷- අටු කොස් ග්රෑම් 200 පමණ
- පොඩියට කපාගත් ලොකු ළුණු ගෙඩි 1/2 ක්
- තලාගත් සුදු ළුණු බික් 2 ක්
- කපාගත් අමු මිරිස් කරල් 2 ක්
- මිටි පොල්කිරි කෝප්ප 2 ක්
- කහ කුඩු තේ හැදී 1/2 ක්
- තුනපහ තේ හැදී 1 ක්
- මිරිස් කුඩු තේ හැදී 1 ක්
- කුරුදු පොතු කැබැල්ලක්
- රම්පෙ සහ කරපිංචා
- රස අනුව අවශ්‍ය පමණට ලුණ
- මිරිස් කෑලි තේ හැදී 1 ක්
- රතු වියලි මිරිස් කරල් 2 ක්
- අබ ඇට ස්වල්පයක්
- උම්මලකඩ කුඩු ස්වල්පයක්
සාදාගන්නා ආකාරය÷
- කලින් වියලා සදාගන්නා ලද අටුකොස් පැය දෙකකට වැඩි කාලයක් පෙගෙන්නට දමා තබන්න.(හොදින් පොගවාගැනීම කළයුතුය)
- හොදින් පොගවාගත් අටුකොස් වතුර කෝප්ප එකක් සහ කහ කුඩු , කුරුදු,කරපිංචා එක් කර හොදින් තම්බාගන්න.
- ඉන්පසු එයට තුනපහ, මිරිස් කුඩු, අමු මිරිස්, ළුණු, සුදු ළුණු රම්පෙ කරපිංචා රස අනුව ලුණු දමා දියකිරෙන් තම්බා පසුව මිටි පොල්කිරි එක් කර හොදින් පිසගන්න.
- ඉන්පසු අබ, ළුණු, සුදු ළුණු, කරපිංචා මිරිස් කෑලි, මිරිස් කරල් , උම්මලකඩ තෙල් මේස හැදී එකකට එක් කර තෙම්පරාදුවක් සාදා පිසගත් අටුකොස් වයංජනය එයට එක් කරගන්න.
No comments:
Post a Comment