කිසිදු බේදයකින් තොරව පොදුවේ බොහෝදෙනෙකුට ඇතිවන ගැටලුවක් තමයි කුරුලෑ(pimples)හටගැනීම.සමහර විටකදී තරුණ වියේ බොහොදෙනෙකුට මෙය පීඩාකාරි තත්වයකි. බොහෝ දෙනෙකුට
තරුණ කාලෙදි කුරුලෑ (Acne/pimples) හදෙනව. සමහරක් මැදිවියේ කට්ටියටද කුරුලෑ හදෙන්න පුලුවන්. කුරුලෑ කෙටි කාලයක් පවතින්න පුලුවන් නැත්නම් අවුරුදු කීපයක්ම තියෙන්නත් පුලුවන්. කුරුලෑ තදින් වලඳුනොත්, සමේ කැළැල් ඇතිවෙනවා.නමුත් නිසි ප්රතිකාර මගින් මෙය වලක්වා ගත හැකිය.

කුරුලෑ ඇතිවන්නේ කොහොමද..?
සමේ ඇති ස්වේද ග්රන්ථි (sebaceous glands) තුල වැඩිපුර ස්වේදය (sebum)
නිපදවීම හෙතුවෙන් එම ග්රන්ථිය තුලින් පැන නගින කෙස් ගස් (hair) මැරෙනවා.
ග්රන්ථිය තුල හිරවන ස්වේදය හා සෛල සමග අවට ඇති සමද ආසාදිත තත්වයකට
පත්වෙනවා. අවසානයේදී එම ග්රන්ථිය සුදු රුධිරාණු හා බැක්ටීරියාවන්ගෙන් පිරී සැරව කුහරයක් බවට පත් වෙනවා. මෙසේ ඇති වූ
සැරව පිරි කුරුලෑව කඩා නොදැමුවහොත් බොහෝ විට ඉබේටම පුපුරා ඉවත් වෙනවා ටික දිනකින් සම යළි ස්වාභාවික තත්වයට පත්වෙනවා.
කුරුලෑ ඇතිවීමය හේතු මොනවාද..?
කුරුලෑ ඇති වීමට හේතුව හරියටම කිව නොහැක. යෞවනයන්ට කුරුලෑ ඇති
වීමේ ප්රධානම හේතුව බොහෝවිට යෞවනයට පත්වීමේදී ඔවුන්ගේ හෝමෝන (hormones) පද්ධතියේ ඇතිවන උද්දීපනයයි. මෙම වෙනස්වීම නිසා සමේ ස්වේදය නිපදවීම වැඩිවී සම වඩාත් තෙල් ගතියක් ඇති කරනවා. පවුලේ වෙන කාට හෝ කුරුලෑ ඇත්නම් ඔබටත් තිබීමේ
හැකියාව වැඩි වේ. රූපලාවන්ය සඳහා යොදා ගන්නා තෙල් සහිත ද්රව්ය, සම තදින් ඇතිල්ලීම, මානසික අසහනය, නොමේරූ කුරුලෑ කැඩීම හෝ මිරිකීම,හෝර්මෝන වෙනස්කම්, පරිසර දූෂණය හා ඉහළ ආර්ධතාවය, ආදීය කුරුලෑ ඇතුවීමට බලපෑහැකි තවත් හේතූන් වේ.

සරල ප්‍රතිකාර මොනවාද..?
- අයිස් තැබීමෙන් මුහුණේ ඇතිවන කුරුලෑ පහසුවෙන්ම ඉවත්කර ගත හැක.රුධිර ගමනාගමනය ක්රමවත් කරමින් මුහුණේ සිදුරුවල රැදුණු කුණු ඉවත් වීමද මින් සිදුවෙයි අයිස් කැටයක් රෙදි කැබැල්ලක ඔතා තත්පර කිහිපයක් මුහුණේ ලප කැලැල් ඇති ස්ථානවල තබියහැක. සමේ ඉදිමුම් පවා මින් සමනය කළ හැකියි.
- කුරුලෑවලට ප්රතිකාර කළ හැකි තවත් ආදේශකයක් වන්නේ දෙහිය. විටමින් බී අඩංගු දෙහි යුෂ කුරුලෑ ලප වියළීමට සමත් වෙයි. කපු රෙදි කැබැල්ලක් දෙහි යුෂවල පොඟවා කුරුලෑ මත තෙත මාත්තු කර නින්දට යන්න. දෙහි යුෂ මේස හැන්දකට කුරුඳු කුඩු තේ හැන්දක් එක්කර සාදා ගන්නා පැක් එකක් කුරුලෑ ලප කැලැල් මත රැයක්
තබා සෝදා හැරියහැකිය. මෙය කුරුලෑවලට මනා ප්රතිකාරයක් වෙයි.
- මී පැණි ස්වාභාවික විසබීජ නාශකයක් ලෙසද ක්රියාකරයි. කපු රෙදි කැබැල්ලක් පැණිවල
පොඟවා ආසාදන වූ සම මත ගල්වා පැය 1/2 ක් පමණ තබා සෝදා හැරියහැකිය. මී පැණි, කුරුඳු කුඩු සමඟ මිශ්ර කර ආලේප කිරීමෙන්ද කුරුලෑ සුව කරගත හැකියි. මෙම මිශ්රණය මුහුණේ ගල්වා රැයක් තබා පසුදින
උදයේ සිසිල් වතුරෙන් සෝදාදැමිය හැකිය.
- සුදුලූනු දිලිර බැක්ටීරියා මර්දනයට සුදුසුම ආහාරයකි. මෙනිසා සුදුලූනු කුරුලෑ සත්කාරවලටද යොදා ගනියි. සුදුලූනුවල අඩංගු සල්ෆර් මඟින් කුරුලෑ සුව කළ හැකියි සුදුලූනු බිග් එකක් ගෙන දෙකට කපා කුරුලෑ මත මිනිත්තු 5ක් පමණ තබා ඇල් ජලයෙන්
සෝදා හැරීම. කරාඹුනැටි හා අමු සුදුලූනු, දෛනිකව ආහාරයට ගන්නේ නම් රුධිරය පිරිසුදුවීමේ ක්රියාවලියටද එය පහසුවේ.
- හුමාලය ඔබේ සමට ප්රතිකාර කළ හැකි සුදුසුම ක්රමවේදයක්. හුමාලය සමට ඇල්ලීමෙන් සමේ රෝම විවර වෙයි. එවිට පිරිසුදු වාතය සමට හොඳින් ඇතුළු වීමට පහසුයි. එමෙන්ම කුණු දූවිලි හා සමේ තෙල් ගතියද ඉන් පහවයි. ජල බඳුනක් ළිප තබා එය රත්වූ පසු එහි හුමාලය මිනිත්තු කිහිපයක්
මුහුණට වැදීමට සලස්වා පසුව ඇල් ජලයෙන් සෝදා හරින්න.
- මීට අමතරව කුරුලෑ ඇති ප්රදේශය හොඳින් සබන් යොදා
දවසට කිහිපවරක් සේදීම. අලුත් පළතුරු වර්ග හා එළවළු වර්ග වැඩිපුර අනුභව.කිරීම.
වේදනාකාරී කුරුලෑවක් ඇති වූ විට එය උණු වතුරින් තැවීම ආදිය සිදුකලහැකිය.
No comments:
Post a Comment