හිසකෙස් අකලට වැටීම, සිනිඳු වීම, ගැලවීම ඕනෑම කෙනෙකුට වර්තමානයේ තිබෙන ලොකු ප්රශ්නයක්.නමුත් කාර්‍යබහුල ජීවිතයේදී අපිට හිසකෙස් පිලිබද අවධානය යොමුකිරීමට තිබෙන කාල වේලාව බොහොම අඩුයි. නීරොගි කෙස් කලඹකට හිමිකම් කීමටනම් ඒ පිළිබද අවධානය වගේම. දැනුවත්බාවය බොහොම වැදගත්.
නීරෝගි කෙස් කලඹක් ගැන සැලකිලිමත් වීමේදී පුද්ගලයකුගේ කෙස් ගසක් වර්ධනය
වන ආකාරය ගැන අපි දැනගෙන
සිටීම මෙහිදී ඉතාමත් ම වැදගත්. කෙස් ගසක් වර්ධනය විම පහත සදහන් අයුරින් අවධි තුනකින් සිදු වෙනවා
වන ආකාරය ගැන අපි දැනගෙන
සිටීම මෙහිදී ඉතාමත් ම වැදගත්. කෙස් ගසක් වර්ධනය විම පහත සදහන් අයුරින් අවධි තුනකින් සිදු වෙනවා
01) වර්ධක අවධිය (Anagen Phase)
02) නිසල අවධිය (Resting Phase)
03) ගැලවී යාමේ අවධිය (A falling Phase)
ඒ අනුව නීරෝගි පුද්ගලයකුගේ හිසේ කෙස්ගස් ලක්ෂයක් (100000)පමණ තිබෙනවා.දිනකට හිසකෙස් ගස් සියයක් (100) ක් පමණ ගැලවී යාම සාමාන්ය තත්ත්වයක්. සාමාන්යයෙන් ගත්කල නිරෝගි පුද්ගලයකුගේ හිසකෙස්වලින් සියයට අසූවක් පමණ (80%)වර්ධක අවධියේත්, සියයට පහක් පමණ (5%) නිසල අවධියේත් ඉතිරි සියයට පහලව (15%) ගැලවී යාමේ අවධියේත් පවතිනවා. කෙස් ගසක් මසකට සෙන්ටිමීටර 1 ක් හෝ 2 ක් පමණ ප්රමාණයකින් දිගින් වර්ධනය වෙනවා.
හිසකෙස් ගැලවීම පිළිබදව බැලීමේදි එදිනදා ජීවිතයේදී විවිධ අයුරින් විවිධ ආකාරයෙන් එය දැකගන්න පුලුවන්. හිස පීරන විට කෙස් අධික ලෙස පනාවට ඒම, ස්නානය කිරීමෙන් පසු අධික ලෙස කෙස් ගැලවී යාම, නිදාගෙන අවදි වන විට කොට්ටය මත කෙස් සාමාන්ය ප්රමාණයකට වඩා තිබීම, තැනින් තැන හිස් කබල පෙනෙන තත්ත්වයක් ඇතිවීම ආදී අවස්තා එහිදී විශේෂ වෙනව.
දිනකට කෙස් ගස් 150 ඉක්මවා ගැලවී යාම අසාමාන්ය ලෙස හිසකෙස් ගැලවීමේ තත්ත්වයක් ලෙස හදුනාගන්න පුලුවන්. මෙහිදී හිසකෙස් තුනී වීමක් හෝ තැනින් තැන කෙස් අඩුවීමක් දක්නට ලැබෙනවා. හිසකෙස් ගැලවීමේදී ඒ සදහා බලපෑ හැකි සාධක කිහිපයක්ම තිබේ.
©
01) Andro genetic Alopecia
අද වනවිට බොහෝ දෙනා අතර බහුලව දක්නට ලැබෙන හිසකෙස් ගැලවී යාමේ අවස්ථාවක් ලෙස මෙය දැක්විය හැකියි. එසම ස්ත්රී පුරුෂ දෙපක්ෂයටම මෙවැනි තත්ත්වය
ඇතිවිය හැකියි. "ටෙස්ටස්ටෙරෝන්,වයස අවුරුදු 20 ට වැඩි, ජානමය හේත" යන හේතුසාධක තුනෙහි බලපෑමෙන් මේ තත්වය ඇතිවන්නට පුලුවන්.
ඇතිවිය හැකියි. "ටෙස්ටස්ටෙරෝන්,වයස අවුරුදු 20 ට වැඩි, ජානමය හේත" යන හේතුසාධක තුනෙහි බලපෑමෙන් මේ තත්වය ඇතිවන්නට පුලුවන්.
02) උඳුගොව්වා කෑම
මෙහිදී තැනින් තැන හිසකෙස් ගැලවී යාම සිදුවෙනවා බොහෝවිට දැකිය හැක. එහෙත් කලාතුරකින් සම්පූර්ණ හිසේම හෝ මුළු ශරීරයේම කෙස් ගැලවී යා හැකියි. මෙය කෙස් ගසේ මුල ඇතිවන අසනීප තත්ත්වයක්. ඒත් බොහෝ දෙනා සිතා සිටින්නේ උඳුගොව්වන් කනවා කියන්නේ ක්ෂූද්ර ජීවී විශේෂයක් නිසා ඇතිවන රෝගී තත්ත්වයක් බවයි. ඒත් එය මිථ්යාවක්.
03) Telogen Efmrium
හදිසියේ ඇතිවන වෙනත් අසනීපයකට මාස තුනකට පමණ පසුව මෙවැනි තත්ත්වයක් උදාවිය හැකියි. උදාහරණ වශයෙන් උණ සන්නිපාතය, සෙංගමාලය, දරු ප්රසූතිය මානසික ආතතිය යනාදිය මෙහිදී වැදගත් ප්රතිකාර මඟින් මේ තත්ත්වය ඉතාමත් සාර්ථකව පාලනය කළ හැකියි. දරු ප්රසූතියෙන් පසුව මවුකිරි දීම වැනි කරුණු නිසා හිසකෙස් ගැලවී යන්නට පටන් ගත් නමුත්, නිසි ලෙස විටමින් සහ පෝෂ්ය පදාර්ථ අඩංගු සමබර ආහාර වේලක් ගැනීමෙන් මේ තත්ත්වය කාලයත් සමඟ නැවත යථා තත්ත්වයට පත්වේ.විසිරී පවතින කෙස් ගාලවීයාම මෙහි මූලික අවස්තාවේදි දැකිය හැක.
04) නිධන්ගත රෝග නිසාවෙන්ඇතිවන කෙස් ගැලවීයාමේ තත්වයන්
මෙහිදී දිලීර සහ බැක්ටීරියා ආසාදන නිසා හිසකෙස් ගැලවීයාමට පුලුවන් ඒ වගේ ම අධික ආතතියක් ඇතිවන අයුරින් කරන කොණ්ඩා මෝස්තර නිසා ද කෙස් ගැලවෙන්න පුළුවන්. තදට සිටින සේ හිසකෙස් ගෙතීම, කොණ්ඩය ගැටගැසීමටත්, ගැලවී යාමටත් බලපානවා. එසේ ම,
විලාසිතා සඳහා කෙස්වලට දමන රසායන ද්රව්ය මඟින් ද මෙවැනි ගැටලු ඇතිවෙන්න පුළුවන්. අද බොහෝ දෙනා අතර ජනප්රිය
හිසකෙස් අයන් කිරීම මඟින් ද, හිසකෙස් වියලන උපකරණ මඟින් ද කෙස් කැඩීම, ගැලවී යාම දැකිය හැකියි. ඒ වගේම තයිරොයිඩ් ග්රන්ථියේ අසනීප ,Syphilis වැනි ආසාදන, ඖෂධවල අතුරු ඵල නිසා ද කෙස් ගැලවී යන්න පුළුවන්. උපත් පාලන පෙති, පිළිකා මර්දන ඖෂධ, ලේ කැටි ගැසීම
වැළැක්වීමේ ඖෂධ ආදිය නිසා යකඩ ඌණතා හෝ වෙනත් පෝෂණ ඌණතා ආදිය නිසා කෙස් ගැලවී යාමට පුළුවන.

ඉහතා කී පරිදි පමන ඉක්මවා හිසකෙස් ගැලවීයානම්. වෛදය ප්‍රතිකාර ලබාගතයුතු අතර.උපදෙස් අනුව නිසියාකාරව. ක්‍රියා කිරීම වැදගත් වෙයි.
හිසකෙස් මසාජ් කිරීම (Scalp Massage) හෝ හිතුමතේ ඖෂධ ලබාගැනීම සුදුසු නොවේ මෙහිදී දැති දුරස් පනා භාවිත කළ යුතු අතර Brush කිරීම සුදුසු නොවේ. තමාට
ගැළපෙන විලාසිතා පමණක් කිරීම හා ෆර්ම් කිරීම තාවකාලිකව නවතා දැමීම ඉතා යෝග්යයයි. සමබර ආහාර වේලක්
ලබාගැනීමත්, හිස සේදීමට සැර
නැති පිරිසුදු කාරකයක් භාවිත කිරීමත් මඟින් හිසකෙස් ගැලවී යාම පාලනය කළ හැකිය.
ගැළපෙන විලාසිතා පමණක් කිරීම හා ෆර්ම් කිරීම තාවකාලිකව නවතා දැමීම ඉතා යෝග්යයයි. සමබර ආහාර වේලක්
ලබාගැනීමත්, හිස සේදීමට සැර
නැති පිරිසුදු කාරකයක් භාවිත කිරීමත් මඟින් හිසකෙස් ගැලවී යාම පාලනය කළ හැකිය.
No comments:
Post a Comment