Android උපාංග පාවිච්චි කරන ගොඩක්
අයට තියම ප්රශනයක්නි මෙ රූට් කරනව
කියන්නෙ මොකද්ද කියන එක.සමහරුනම්
මේ ගැන දන්නව.සමහරුනම් දනෙනෙ
නැ..ඒ කොහොම උනත්..රූට් කරනව
කියන්නෙ මොකද්ද? රූට් කරන්නෙ
කොහොමද?රූට් කරම මොකද්ද ඇති
වැඩේ? මොනවද වාසි මොනවද
අවාසි? මේ වගේ ගැටලු රාශියක් මේ
සම්බන්දයෙන් තියනව. අපි අද කතා කරන්න
යන්නෙ මේ ගැනයි.
අපි බලමු එහෙනම් රූට් කරනව කියන්නෙ
මොකද්ද කියල. android ෆෝන් මිලදී
ගන්නකොට අපි ගත්ත කියල අපිට ඒ ෆෝන්
එකෙන් ගන්න පුලුවන් උපරිම වැඩ
ප්රමානය ගන්න බෑ.සීමා කරලයි
තියෙන්නෙ..සරලව කියනවනම් අපි සලිලි
දීලා ගෙදරකට ලයිට් ගන්නව වගෙ
වැඩක්.අපි සලිලිවලට ලයිට් අරන් පාවිචි
කරාට ප්රයෝජනය ගත්තට ඒ විදුලිය
සම්බන්දයෙන් පරිපාලන බලය
තියෙන්නෙ විදුලිබල මන්ඩලයටනි. අන්න ඒ
වගේ තමයි android ෆෝන් එක අපි මිලදී
ගත්තට පරිපාලන බලය තියෙන්නෙ අපේ
අතේ නෙවෙයි.අන්න ඒ බලය අපේ අතට
ගන්න එක තමයි රූට් කරනව කියන්නෙ.අපි
කලින් කිවුව සීමාව අයින් කරල phon එක
උපරිමයෙන්ම පරිශීලනය කරන්න අවසර
ගැනීම(super user permission) ගැනීම
තමයි රූට් කරනව කියන්නෙ.
ඊලගට අපි බලමු ෆෝන් එකක් රූට් කරාම අපිට ලැබෙන වාසි කිහිපයක් ගැන.
1) රූට් කිරීමට පෙර ස්තාපනය කිරීමට
නොහැකි මෘදුකාංග ස්තාපනය කීරීමට
ගැකිවීම__අපි දන්නව android
දුරකතනවලට install කරන්න පුලුවන්
බොහෝමයක් තිබෙන බව. ඒ app අතරින්
සමහර app install කරන්න super user
permission ඕනි වෙනව. ඒ කියන්නෙ ඒ
app install කරන්නම් රූට් කරල තියෙන්න
ඔනී.තවත් විදියකට කියනවනම් රූට් කරපු
ෆෝන් වලට විතරක් install කරන්න පුලුවන්
app තියනව.එම app install කරන්න හැකිවීම
රූට්කරාම තිබෙන එක වාසියක් වෙනව.
2)android මෙහෙයුම් පද්ධතිය නවතම
සංස්කරනවලට යාවත්කාලින කිරීමට
හාකිවීම.__කලින් කලට android වලට එන
අලුත්ම update දුරකතනයට update
කරගැනීමට හැකිවීම රූට් කිරිමේ ඇති තවත්
සුවිශේශ වාසියකි.
3)සිස්ටම file ඇතුලු android සිස්ටම් එක
තමන්ට අවශය පරිදි සකසා ගැනීමට
හැකිවීම.
4)මෘදුකාංග බාහිර memory එකට
ස්තාපනය කිරීමට හැකිවිම__ ෆෝන්
memory එක තුල app install කර එහි ඉඩකඩ
මදිවූවිටදි app බාහිර චිප් එකට දැමීමට ඇති
හැකියාව.
5)system animetion .වෙනස් කිරීමට
හැකිවිම.සිස්ටම එක තුල ඇති
බොහොමයක් ආදේශ කිරීමට හැකිවිම.
මෙවැනි බොහෝ වාසි රාශියක් රූට්
කිරීමෙන් ලබාගැනිමට පුලුවන.
රූට් කිරීමෙ අවාසි කිහිපයක් දැන්.අපි බලමු.
1)උපාංගයේ වගකීම අහොසිවිම.__ රූට්
කිරිමෙන් ලැබෙන ප්රධනම අවසියක් තමයි
ෆෝන් එකේ වගකීම අහෝසිවීම..සම්පූර්න
පරිපාලන බලය තමන් අතට ගත්තම ඉතින්
ෆෝන් එකට මොනවහරි දෙයක් උනොත්
ඒකට වගකියාගන්න වෙන්නෙ අපිටම
තමයි.කඩේට ගිහින් කිඋවට එයාල
වගකියන්නෙ නැ.රූට් කරන්න කලින්
දෙපාරක් හිතන්න සමහරු පෙලබෙන්නෙ
මෙන්න මේ හේතුව නිසයි.
2)නොගැලපෙන ක්රියාවන් නිසා
උපාංගයේ කාරක්ශමතාව
අඩුවීම.__ඕනැම වැඩකදී අසීමිත නිදහස
බලය ලැබුනම සමහරු වැඩි වැඩ කරන්න
ගිහින් අමාරුවෙ වටෙනවනි.අන්න ඒ වගේ
රූට් කරට පස්සෙ නොගැලපෙන දේවල්
ස්තාපනය කරීමෙන් ෆොන් එකේ
කාර්යක්ශමතාවය අඩුවෙන්න පුලුවන්.එ
නිසා Firmware වගේ අලුත් දේවල්
ස්තාපනය කිරිමෙදි ගැලපෙන දේවල්
විතරක් ස්තාපනය කිරීම වැදගත් වෙනව.
3)සමහර උපාංග නිල වශයෙන් ලැබෙන
update වලට update කිරීමට නොහැකිවීම
රූට් කරනව කියන්නෙ මොකද්ද වාසි
අවාසි මොනවද කියල අද අපි කතා
කරා.රූට් කරන්නෙ කොහොමද කියල
තවත් ලිපියකින් කතා කරමු.පොස්ට් එක
වැදගත් වුනනම් අපේ ෆේස්බුක් පිටුවටත්
ලයික් කරල යන්න.
No comments:
Post a Comment