Social Icons

Pages

Featured Posts

Tuesday, 15 November 2016

ඔබ දන්නවාද? සිත ගත සුවපත් කරන සර්ප සම්බාහන ගැන

සම්බාහනය නම් අතීතයේ සිටම රෝග සුවපත් කිරීම සදහා වෛද්‍ය වරු භාවිතා කල ප්‍රතිකාර ක්‍රමයකි. බටහිර වෛදය ක්‍රමය තුල මෙන්ම, ලංකාවේනම් දේශීය වෙද ක්‍රමයේද මෙය දැකියහැකි ප්‍රතිකාර ක්‍රමයකි.සම්බාහනය මඟින් ශරීරයේ මාංශපේශීන්වල ආබාධ සහ වේදනා නැති කළ හැකි බව කියවේ.

මෙය ඉහත කී සාම්ප්‍රදායික සම්බාහන ක්‍රම මෙන්ම ලෝකයේ වෙනස් විදීයේ සම්බාහන ක්‍රමද අසන්නය ලැබේ. බොහෝවිට අප අසා ඇති දැක පුරුදු සම්බාහන ක්රමවලට වඩා වෙනස් ක්රමයක් ඊශ්රායලයේ සම්බාහන
ශිල්පිනියක වන "අදා බරක් (Ada barak) " විසින් යොදාගෙන ඇත.
ඒ සර්පයන් ලවා සිරුර සම්බාහනය කරවීමයි.
බැලූ බැල්මට එය බියජනක ලෙස පෙනුණත් ඊශ්රායලයේ මෙම ක්රමය ඉතාමත් ජනප්‍රියත්වයට පත්වෙමින් පවතී.

උතුරු ඊශ්රායලයේ ටෙල්මායි එලාසර් හී
පිහිටි " අදා බරක් (Ada Barak)" ගේ ‘සර්ප
සැලුන්’ හි දී සර්පයන් ලවා සම්බාහනයක්
කරවා ගැනීමට ඩොලර් හතලිහක්( 40 )ක් වැයවන බව කියවේ. ඇය විසින් ඒ සඳහා යොදාගනු ලබන්නේ කැලිපෝනියාවෙන් හා
ප්ලොරිඩාවෙන් ගෙන්වන ලද විස නැති
King Snakes, Corn Snakes Mikk Snakes
යනුවෙන් හඳුන්වන සර්ප විශේෂයන්ය. ඔවුන් පවසන පරිදි සර්පයන් මිනිස් සිරුරේ ස්පර්ශ වීමෙන් ගතට සිතට සැහැල්ලුවක් ගෙනදෙයි.

සර්පයින් ශරීරය සම්බාහනය කළ පසු මානසික පීඩනයන්ගෙන් මනස නිදහස් වි සිතට සහනයක් ලැබෙන බව මේ ‘සර්ප සම්බාහනය’ ලද අය පවසන බවද "අදා බරක්" වවසයි. සර්පයන් අතින් අල්ලාගෙන සිටීමෙන් වුවද සහනයක් ලැබෙන බව  සර්ප සම්බාහනය ලත් සමහරු පවසන අතර . මුළු
ශරීරයටම සිසිලක් එයින් ලැබෙන බව පැවසේ.

සම්බාහන වර්ගවල විවිධත්වය අනුව යෝදාගනු ලබන සර්පයන් ප්‍රමානය, වර්ගය, හා බර වෙනස් වන අතර ඒ ඒ පුද්ගලයින්ට ගැලපෙන පරිදි එම වෙනස්කම් සිදුකරනු ලැබේ. කුඩා සර්පයින් යොදා ගන්නේ
මාංශපේශිවල සුළු ස්පන්දන තත්ත්වයක්
ඇති කරවීමටය. කිසිවකු බිය විය යුතු නැති අතර මේ සඳහා මුළුමනින්ම යොදාගන්නේ
කිසිදු විසක් නැති සර්පයින් බව ඔවුන් පවසයි.

දැන් මෙම සම්බාහන ක්‍රමය සිදි කරන "අදා බරක්" මුලින්ම රැකියාව ලෙස පැල වර්ග ප්රදර්ශනය හා විකිණීම සිදු කර ඇති. විශේෂයෙන් ඇය ළඟ විවිධ කෘමිසතුන් ගේ සිට කුඩා සත්වයන් පවා ආහාරයට ගන්නා මාංශභක්ෂක ගස්වර්ග ප්‍රදර්ශයන ඒ අතර මුල්තැනක් ගෙන ඇත.  කලෙක සර්ප සම්බාහනය ආරම්බ කිරීමෙන් පසු ඇය සර්ප සම්බාහනයෙන් ලබන ආදායම පැල ව්යාපාරයද අභිබවා ගොස් තිබේ. ඇය ලෝකය පුරා මේ
සඳහා විවිධ ප්රදර්ශන පවත්වන අතර
”ලෝකය පුරා ලස්සනවීමේ රහස්’ නම් වූ
ඇගේ ඇමෙරිකානු රූපවාහිනී වැඩසටහන
ඉතා ජනප්රිය වැඩසටහනක් බවට පත්වී ඇත.


 

Sample text

""ලිපි බැලීමේදී එම පිටු ලේයරයකින් වැසී
ඇත්නම්,එම ලේයරයේ ඉහළින් මතුවන
රතු පාට කතිර ලකුණ මත කිලික් කර ලේයරය
ඉවත් කරගන්න""

Sample Text

Sample Text

 
Blogger Templates